සිංහල රැප් මම දකින විදිහ

by 2:48 AM 0 comments

සිංහල රැප් කියන්නේ කාටවත් බනින්න, කුනුහර්ප කියන්න හදාගත්තු දෙයක් නෙවෙයි, ඒත් ගොඩක් මිනිස්සු සිංහල රැප් කියන එක එහෙමයි මැනලා තියෙන්නේ.. මම දන්නේ නෑ ඒ මිනිස්සුන්ගේ මිනුම් ඒකකය මොකක්ද කියලා.. සමාජයට ඕනම දෙයක් දෙන්න පුලුවන් විදිහක් තමයි රැප් කියන්නේ.. සිංදුවකට වැඩිය හිතට වදින විදිහට ඉක්මනින් ගොඩක් දේවල් දෙන්න පුලුවන් මේ රැප් කියන දේට.. උදාහරණයක් වශයෙන් කොත්තුවගේ කරුමය කියන ට්‍රැක් එකේ තියෙන සමාජයට ඕන දේවල් සිංදුවකින් කියන්න ගියොත් මම හිතන්නේ පැයකින්වත් මේක කියලා ඉවර කරන්න බෑ.. ඒත් රැප් එක මිනිත්තු 5කින් දහසක් දේ කිවුවා.. සමහර මිනිස්සු ඒ රැප් එකට ආදරේ කලා, තමන්ගේ Ringin tone එකට දැම්මා.. එහෙම ඉද්දි තව අය ඒකට බැන්නා.. ප්‍රතිචාර වගේම ප්‍රතිවිරුද්ද අදහස් ඕනම දේකට එනවා.. මම උදාහරනෙකට ගත්තේ එකක් විතරයි, තව ගොඩක් රැප් තියෙනවා සමාජයට දෙයක් දෙන්න හදපු...

සමහරු කියනවා රැප් කරන එක ලේසි කියලා, නිකන් වචන ටිකක් ඔහේ කියන එක විතරයිලු, ඒත් හරියට රැප් කරන කෙනා සහ Music field එකේ ඉන්න අය විතරයි ඒකෙ තියෙන හැමදේම දන්නේ.. ඇත්තටම කිවුවොත් සිංහල රැප් වලට ලංකාවේ තාම තැනක් නෑ, TV එකේ Radio එකේ බැලුවොත් යන්නේ කෙල්ලෙක් නිසා හෝ කොල්ලෙක් නිසා අඬන සිංදුවක්.. මගේ මතය ඒක නෙවෙයි.. TV එකේ ලංකාවේ තියෙන හැම Style එකක්ම යන්න ඕනේ, මම කියන්නේ රැප් විතරක් නෙවෙයි, Rap, Reggae, Rock වගේ හැම විදිහෙන්ම, මොකද ලංකාවෙ හැම මනුස්සයෙක්ම එකිනෙකට වෙනස්, සමහරු රැප් වලට කැමති, සමහරු රෙගේ.. ඒ නිසා හැම දේකින්ම සම්පූර්ණ වෙන්න ඕනේ.. මම දැකලා නෑ තාම ලංකාවේ ඒ වගේ චැනල් එකක්.. SinduTV කියන චැනල් එක විතරයි හැම දෙයක්ම යන්නේ, ඒත් ඒක TV වල යන්නේ නෑ.. 

මගේ අදහස තමයි ලංකාවේ හැමෝම, ඒ කියන්නේ රසාස්වාදයක් තියෙන හැමෝම හැම ස්ටයිල් එකක්ම අහන්න ඕනේ, මල්සිංදු වලට යට වෙලා හැමදාම අඬ අඬ ඉන්න එක මාත් මනුස්සයෙක් විදිහට සහතික කරන්නේ නෑ, හැම දෙයක්ම කරන්න ඕනේ, අරවා සෙට් වෙන්නේ නෑ මේවා සෙට්වෙන්නේ නෑ කියන අය දුමියට දිරවන්නෙත් නෑ..


මගේ කතාව අවසන් කරනවා මම ස්තූති කරලා
සමහරුන්ට වස වගේ මගේ කතාව කියවලා
ඇත්ත තේරුම්ගනින් දැන්වත් හිතලා මතලා
කන්බෙර පදං කරගනිං සිංහල රැප් අහලා


#Dumiya #Miris #LWA #SinhalaRap 

Dumiya

Rapper | Lyricst @mirisentertainments™

I'm Rapper.. SinhalRap is My Life.. HipHop Life..!

0 comments:

Post a Comment